පහත දැක්වෙන පිහිටුම සලකමු.

මෙම පිහිටුම සැලකීමේදී දෙපිලෙහිම ඉත්තන් ගණන සමාන වුවත් (material equal) සාධක විශ්ලේෂණය කිරීමේදී කළු පිලට පිහිටුම වාසි විය යුතු බව පෙනේ. එයට හේතුව e4 පෝන් ආරක්ෂිත පාස් පෝන් කෙනෙකු වීම (protected passed pawn), එම පෝන් එතැන නොමැති වුවහොත් b7 බිෂොප් ක්‍රියාකාරී වී Qxh3 වැනි අනතුරු ඇතිවීම, 6 වන ශ්‍රේණියේ පාස් පෝන් කෙනෙකු කළු පිලට සිටීම නිසාය.
ඉහත සාධක අතුරින් චෙක් මේට් හා සම්බන්ධ සාධකයට ප්‍රමුඛත්වය දීමේදී Rd3 ඇදීම ඉතා සුදුසු බව වැටහිය යුතුය.
එහිදී සුදු පිල Rxd3 ඇදීම සිදු කළහොත් කළු පිල exd3 කිරීමෙන් පසු සුදු ක්වීන්ට ප්‍රහාරයක් එල්ල වේ. සුදු ක්වීන් ප්‍රහාර එල්ල කරන පෝන් කපා දැමුවහොත් කළු පිල Qxh3 මගින් සුදු කිං චෙක් මේට් කරයි.
සුදු පිල Rxd3 නොකොට c3 නයිට් බේරා ගත හොත් කළු පිල Bf2 ඇදීම මගින් වාසි ලබා ගනී.