අලුතෙන් ‌චෙස් ඉගෙන ගන්නා අයට: චෙස් basics part 1.

අලුතෙන් ‌චෙස් ඉගෙන ගන්නා අයට: චෙස් basics part 1.

Avatar of heylitha2008
| 6

ආයුබෝවන්. 

තව blog post එකක් සමග මම හේළිත. 

අලුතෙන් ‌චෙස් ඉගෙන ගන්නා අයට මෙය ඉතා වැදගත් වේ. 

අද මම කතා කරන්නේ chess basics ගැනයි. 

1. ඉත්තන්. 

චෙස් ක්‍රීඩාවේ ඉත්තන් 6ක් ඇත. 

1. රජු

2. රැජින

3. රුක්

4. බිෂොප්

5. නයිට්. 

6. පෝන්. 

ඉත්තන්ගේ රූප පහත දැක්වේ.

chess pieces

ඉත්තන්ට නියමිත සංකේත හා වටිනාකම් ඇත.  

රජු - K 

රැජින - Q  - 9

රුක් - R  - 5

බිෂොප් - B  - 3

නයිට් - N  - 3

පෝන් ට සංකේතයක් නැත. - 1 

නයිට් ට K නොව N දී ඇත්තේ රජු ට K දී ඇති නිසා ය. 

2. ඉත්තන් ගමන් කරන ආකාර. 

සෑම ඉත්තෙක් ම එක ආකාරයට ගමන් නොකරයි. 

1. රුක්. 

රුක් සිරස් හා තිරස් පේළි වල ගමන් කරයි. 

රුක් ගමන් කරන ආකාරය. 

2. බිෂොප් 

බිෂොප් ඇද පේළි ඹස්සේ ගමන් කරයි. 

බිෂොප් ගමන් කරන ආකාරය

3. රැජින 

රැජින සිරස්‍/තිරස් පේළි හා ඇද ‌පේළි ඹස්සේ ගමන් කරයි. 

රැජින ගමන් කරන ආකාරය

4. රජු. 

රජුට ඹ්නෑම දිශාවකට කොටු 1ක් ගමන් කළ හැක. 

රජු ගමන් කරන ආකාරය

5. පෝන් 

පෝන් ට ඉ‌දිරියට එක් කොටුවක් ගමන් කළ හැක. 

එහෙත් එම ඉත්තා ගේ පළමු ඇදීමේ දී කොටු 2ක් ඇදිය හැක. 

පෝන් ගමන් කරන ආකාරය. 

6. නයිට් 

ඉත්තන් අතරින් නයිට් විශේෂයි. 

ඒ නයිට් L හැඩයට ගමන් කරන නිසා ය. 

නයිට් ගමන් කරන ආකාරය. 

රතු පාට කොටුවලට ගමන් කර නවතී. 

සැ.යු නයිට් ඉත්තා ට පමණක් තව ඉත්තන් උඩින් ගමන් කළ හැක. 

3. ඉත්තන්ගේ කැපීම්. 

පෝන් හැර අනෙක් සියලු ඉත්තන් තමන් ගමන් කරන දිශාවට කැපීම් කරයි. 

පෝන් ට ඊට ඉදිරියෙන් ඇද ‌ට සිටින ඉත්තෙක් කැපිය හැක. 

-

පෝන් ගේ කැපීම්. 

චෙස් වල විශේෂ රීති. 

1. රජු වාසල්ගත කිරීම.(castling)

රජු වාසල්ගත කිරීම යනු ඉත්තන් 2ක් එකවර ඇදීම් කරන එකම ඇදීමයි. 

ඔබට කාසලින් කිරීම දෙආකාරයකට සිදු කල හැකි අතර එනම් රජුගේ පසට හෝ රැජිනගේ පසට. (King Side or Queen side). 

Kingside Castling (Short Castling) - රජුගේ පසට වාසල් ගත කිරීම. 

කාස්ලින් කිරීමට පෙර. 

සුදු, රජුගේ පසට වාසල් ගත කිරීමෙන් පසු

කළු, රජුගේ පසට වාසල් ගත කිරීමෙන් පසු

රජුගේ පසට කාස්ලින් කිරීම O-O ලෙස සටහන් කරයි. 

Queenside Castling (Long Castling) - රැජින‌ගේ පසට වාසල් ගත කිරීම

After White Castling - සුදු, රැජිනගේ පසට වාසල් ගත කිරීමෙන් පසු

After Black castling - කළු, රැජිනගේ පසට වාසල් ගත කිරීමෙන් පසු

රැජිනගේ පසට කාස්ලින් කිරීම O-O-O ලෙස දැක්විය හැක. 

කාස්ලින් කිරීමට ස්ථීර සීමාවන් 

1. රජු කාස්ලින් කිරීමට ප‌ෙර ඇදීම් කර ඇති නම් කාස්ලින් කළ නොහැක. 

2. රුක් ඉත්තා ද ‌පෙර ඇදී්ම් කර ඇත් නම් කාස්ලින් කළ නොහැකිවන අතර ‌පෙර ඇදී්ම් ‌නා‌ෙකල රුක් ඉත්තා සමග castling කළ හැක.

කාස්ලින් කිරීමට තාවකාලික සීමා. 

පහත තත්වයන් වෙනස් වී ඇත්නම්, එම ක්‍රීඩාව තුළම ඔබට පසුව castling කළ හැකිය.

1. රජුට චෙක් ඇති විට දී castling කිරීමට නා‌ෙහැකිය

2. castling කිරීම‌ෙන් පසු රජු ගමන් ගන්නා කා‌ෙටුවට චෙක් එකක් ඇති විටකදී castling කිරීමට නා‌ෙහැකිය.

3. ඔබට පසු කිරීමට ඇති අතරමැදි කොටු වලට තර්ජනයක් ඇත්තේ නම් castling කිරීමට නොහැකිය.

2. En Passant (එන් පාසන්ට්.)

මෙය පෝන් ගෙන් සිදුකරන විශේෂ කැපීමකි.

එන් පාසන්ට් යනු, 

"පෝන් ඉත්තකු එහි ආරම්භක කොටුවෙන් කොටු 2ක් ඇදීම් කර ඹබේ පෝන් ඉත්තා ට ප්‍රතිවිරුද්ධ ව සිටී නම් ඊට පසු ඇදීමේ දී එම පෝන් ඉත්තා එක කොටුවක් ගමන් කළැ,යි සලකා එම ප්‍රතිවාදී පෝන් ඉත්තා ව කැපීම."

IM Eric Rosen එන් පාසන්ට් හරහා check mate කිරීම බලන්න>> here

Blogs

heylitha2008's blog

heylitha2008
Heylitha Vedamulla
the world of bazball where baz is lord