
මුල සිට චෙස් ඉගෙන ගන්නා අයට: චෙස් basics part 2.
ආයුබෝවන්.
තව blog post එකක් සමග මම හේළිත.
අලුතෙන් චෙස් ඉගෙන ගන්නා අයට මෙය ඉතා වැදගත් වේ.
අද මම කතා කරන්නේ chess basics ගැනයි.
4. Pawn promotion හෙවත් පෝන් උසස් වීම.
පෝන් 8වන තීරුවට පැමිණි විට එය රැජිනක්, රුක් ඉත්තෙක්, බිෂොප් ඉත්තෙක්, නයිට්වරයෙක් බවට උසස් වෙයි.
එහි notation එක වන්නේ (පෝන් ගේ ඇදීම)+(=)+(උසස් වන ඉත්තා).
උදා: සුදු d පෝන් රැජිනකට උසස් වුණහොත් d8=Q ලෙස සටහන් කරයි.
5. Chess notation/ ඇදීම් සටහන් කිරීම.
ඉත්තන් ඇදීම්.
ඉත්තා ගේ ඇදීම සටහන් කරන්නේ (ඉත්තා ගේ සංකේතය)+(ඇදීම සිදු කර අවසන් වන කොටුව.)
උදා: රැජින f6 කොටුවට ඇදීම් කළහොත් Qf6 ලෙස සටහන් කරයි.
ඉත්තන්ගේ කැපීම්.
ඉත්තන් ගේ කැපීම් සටහන් කරන්නේ (ඉත්තා ගේ සංකේතය)+(x)+(ඇදීම සිදු කර අවසන් වන කොටුව.)
උදා: රැජින f6 කොටුවට ඇදීම් කර එහි සිටින ඉත්කෙක් කැපූ විට Qxf6 ලෙස සටහන් කරයි.
සමාන ඉත්තන් 2ක් හා වැඩ් ගණනක් එකම කොටුවට පැමිණිය හැකි විට
සමාන ඉත්තන් 2ක් හා වැඩ් ගණනක් එකම කොටුවට පැමිණිය හැකි විට ඇදීම් කරන ඉත්තා පහත දැක්වේ.
ඉත්තන් 2කට වඩා සංඛ්‍යාවක් සිරස් පේළියක සිටින විට,
1) ඉත්තා ගේ සංකේතය
2) ඉත්තා පිටවීමට පෙර සිටි කොටුවේ ඉංග්‍රීසි අක්ෂරය
3) ඉත්තා ඇදීම කර පැමිණෙන කොටුව.
ඉත්තන් 2කට වඩා සංඛ්‍යාවක් තිරස් පේළියක සිටින විට,
1) ඉත්තා ගේ සංකේතය
2) ඉත්තා පිටවීමට පෙර සිටි කොටුවේ ඉලක්කම
3) ඉත්තා ඇදීම කර පැමිණෙන කොටුව.
උදා: f5 හා f3 වල සිටින නයිට් ඉත්තන් 2ක් ඇත.
f5 නයිට් h4 වලට ඇදීම් කළහොත් N5h4 ලෙස සටහන් කරයි.
f5 හා c6 වල සිටින නයිට් ඉත්තන් 2ක් ඇත.
c6 නයිට් d4 වෙත ඇදීම් කළහොත් Ncd4 ලෙස සටහන් කරයි.
d4 හි කැපීමක් සිදුවුවහොත්, පෙර උදාහරණ මෙන් පෙර notation එලෙස පවතී. එහෙත් (x) ඇතුල් කළ යුතුය.
උදා: Ncxd4
Nfxd4
Rfxf8
Checkmate (#) ලෙස සටහන් කරයි.
උදා: Rxf8#
Qdxd6#
R1f6#
චෙක් එකක් (+) ලෙස සටහන් කරයි.
උදා: Rd6+
Nf5+
a4+
1-0 යනු සුදු පිළ ජයග්‍රහණය කළ බවයි.
0-1 යනු කලු පිළ ජයග්‍රහණය කළ බවයි
= යනු ජය පරාජයෙන් තොරව අවසන් වූ බවයි.
එන් පාසන්ට් කැපීමකදී, එන් පාසන්ට් කළ ඉත්තා එය කර පැමිණෙන කොටුව (x) සමග සටහන් කරයි.
e.p යැයි ද සටහන් කළ හැක.
උදා: exd6 e.p.
fxe5 e.p.
check/checkmate - චෙක් හා චෙක් මේට්.
චෙක් යනු, යම්කිසි ඉත්තෙක් එහි ප්‍රතිවාදී රජු ව කැපීමට තර්ජනය කිරීමයි.
චෙක් වැළැක්වීමට ක්‍රම 3ක් ඇත.
1. චෙක් කරන ඉත්තා ව කැපීම.
2. චෙක් කරන ඉත්තා හා රජු අතර ඉත්තෙක් තැබීම.
3. රජු ව චෙක් එකෙන් ඉවත් කර ගැනීම.
මේ කිසිවක් කළ නොහැකි විට checkmate ලෙස හැඳින්වේ.
checkmate කළ පිිළ ජයගනී.
මෙම blog post එක අවසන් කරමි.
පරෙස්සමෙන් සිට චෙස් අදින්න.